fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මොඩර්නා එන්නතේ මාත්‍රා දෙකම එකවර ලබාදීම ගැන පරික්ෂණ ඇරඹේ

ITN News Editor
By ITN News Editor ජූලි 22, 2021 18:25

මොඩර්නා එන්නතේ මාත්‍රා දෙකම එකවර ලබාදීම ගැන පරික්ෂණ ඇරඹේ

පේරාදෙණිය ප්‍රදේශයේ සිව් දරු මවකට මොඩර්නා එන්නතේ මාත්‍රා දෙකම එකවර ලබාදීමේ සිදුවීම පිළිබද මේ වන විට පරික්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

මෙම එන්නත ලබා දුන් ගගවට කොරලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් මේ සම්බන්ධයෙන් වාර්තාවක් ඉල්ලා ඇති බවයි මහනුවර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය සේනක තලගල මහතා පවසන්නේ.

මේ අතර මහනුවර ප්‍රදේශයේ කොරෝනා මර්දනය සදහා ලබාදෙන මොඩර්නා එන්නත මිනිස් සිරුරට අහිතකර බවට සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැමුන් ගෙන යන අසත්‍ය ප්‍රචාර සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කරන බව පොලිසිය පවසනවා.

ITN News Editor
By ITN News Editor ජූලි 22, 2021 18:25

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2021

logo