fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අදත් offline වෙච්ච ගුරුවරුන් කොටුවේ විරෝධතාවක

ITN News Editor
By ITN News Editor ජූලි 22, 2021 11:51

අදත් offline වෙච්ච ගුරුවරුන් කොටුවේ විරෝධතාවක

11 වන දිනටත් ගුරුවරුන් අද දවසේ ඔන්ලයින් ඉගැන්වීම් වර්ජනය කරනවා.

ගුරු විදුහල්පතිවරුන්ගේ විරෝධතාවක් නිසා කොළඹ කොටුව ප්‍රදේශයේ දැඩි වාහන තදබදයක් ද පැවතුනා.

වැටුප් විෂමතා වලට විසදුම් ලබාදෙන ලෙස ඉල්ලමින් ගුරුවරුන් පිරිසක් ඔන්ලයින් අධ්‍යාපනයෙන් ඉවත්ව සිටිනවා. මෙම විරෝධතාවට අදට දින 11 ක් වනවා.

ගුරුවරුන් හා විදුහල්පතිවරුන් පිරිසක් කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසළින් විරෝධතා පාගමනක් අද පෙරවරුවේ ආරම්භ කළා. ඔවුන් එතැන් සිට ජනාධිපති කාර්යාලය වෙත පාගමනින් ගමන් කිරීමට පියවර ගත්තා.

විරෝධතාවයේ නිරත බොහෝ දෙනා නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශවලින් බැහැරව ක්‍රියා කරන බවයි අප වාර්තාකරුවන් සදහන් කරන්නේ.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 22, 2021 11:51

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2021

logo