fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කුඩු කාරයන්ගෙනුත් කප්පම් ගන්න හැදූ තුනක් පොලිස් දැලේ

ITN News Editor
By ITN News Editor ජූලි 22, 2021 11:40

කුඩු කාරයන්ගෙනුත් කප්පම් ගන්න හැදූ තුනක් පොලිස් දැලේ

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් කප්පම් මුදල් ලබා ගැනීමට උත්සාහ කළ තුන්දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හලාවත නගරයේ මත්ද්‍රව්‍ය වෙළදාමේ නිරත කාන්තාවකගෙන් මෙසේ කප්පම් මුදල් ලබා ගැනීමට උත්සාහ දරා තිබෙනවා. අදාළ කාන්තාව පොලීසිය කළ පැමිණිල්ලකට අනුව කප්පම් මුදල ලබාදෙන අවස්ථාවේදී අදාළ පුද්ගලයන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍යප්‍රකාශක ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

මේ අතර සීදූව ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත පුද්ගලයෙකුගේ නිවසට පැමිණි අයෙකු රුපියල් අසූදහසක මුදලක් ඉල්ලා තිබෙනවා.

මෙම මත්ද්‍රව්‍ය ජාවාරම දිගටම සිදුකරගෙන යාමට නම් අදාළ මුදල ලබාදෙන ලෙසට සැකකරු තර්ජනය කර ඇති බවයි වාර්තා වන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 22, 2021 11:40

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2021

logo