සයිනොෆාම් එන්නත් ලක්ෂ විස්සක් අද අලුයම ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානා දෙකකින් මෙරටට රැගෙන විත් තිබෙනවා.
ඒ අනුව මෙරටට රැගෙනවිත් ඇති සමස්ත සයිනොෆාම් එන්නත් ප්‍රමාණය මිලියන 9.1ක් ලෙසයි දැක්වෙන්නේ.
අද අළුයම රැගෙන ආ සයිනොෆාම් එන්නත් තොගය කොළඹ පිහිටි වසංගත රෝග විද්‍යා ඒකකයේ මධ්‍යම එන්නත් ගබඩාවේ අධි ශීතකරණවල ගබඩා කෙරුණා. දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක භාවිතය සදහා මෙම එන්නත් බෙදා හැරීමට නියමිතයි.