fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රිෂාඩ්ගේ ගෙදර මෙහෙකාර දැරියගේ මරණය ගැන පුළුල් පරීක්ෂණ

ITN News Editor
By ITN News Editor ජූලි 21, 2021 19:11

රිෂාඩ්ගේ ගෙදර මෙහෙකාර දැරියගේ මරණය ගැන පුළුල් පරීක්ෂණ

රිෂාඩ් බදියුදීන් මහත්මාගේ නිවසේ සේවය කළ 16 හැවිරිදි දැරිය මිය යාමේ සිද්ධිය ගැන සිදුකරන විමර්ශණවලට අදාළව ඇයගේ මවගෙන් වගේම සහෝදරයාගෙනුත් අද දෙවන දිනයටත් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

මේ විමර්ශණවලට අදාළව රිෂාඩ් බදියුදින් මහත්මාගේ නිවසේ තවත් සේවකයෙකුගේ ජංගම දුරකථනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දීමට බොරැල්ල පොලීසිය කටයුතු කළා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශණවලට අදාළව කොළඹ දකුණ කොට්ඨාශයේ කොට්ඨාශ අපරාධ විමර්ශණ අංශයේ සහ කොළඹ දකුණ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරි කණ්ඩායම් 2ක් පත් කර තිබෙනවා. ඊයේ දිනයේදී එම නිලධාරී කණ්ඩායම් දෙක මිය ගිය දැරිය හැටන් ඩයගම ප්‍රදේශයට යාමට පෙර පදිංචිව සිටි අවිස්සාවේල්ල පුවක්පිටිය කිරිවන්දල ප්‍රදේශයට ගොස් තිබෙනවා.

එහිදී අදාළ දැරිය ඉගනුම ලැබූ කිරිවන්දල දෙමළ විද්‍යාලයේ විදුහල්පතිවරයා, නි. විදුහල්පතිවරයා සහ තවත් දෙදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. අදාළ නිලධාරී කන්ඩායම් දෙක අද දිනයේදී දැරිය පදිංචිව සිටි හැටන් ඩයගම ප්‍රදේශයේ සිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා. මෙහිදී දැරියගේ මව,පියා,සහෝදරායා සහ තැරැව්කරුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි වාර්තා වන්නේ.

දැරිය සිටි බව කියන රිෂාඩ් බද්යුදීන් මහතාගේ නිවසේ කාමරයේ තිබී භූමිතෙල් සහ ලයිටරයක් පොලීසිය සොයා ගත්තා. ඒවා රස පරීක්ෂකවරයා වෙත භාර දී තිබෙනවා. එමෙන්ම මෙම ද්‍රව්‍ය දැරිය ලබාගෙන ඇත්තේ කෙසේද යන්න ගැන පිළිබද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කළා.

මේ අතර අදාළ දැරිය සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් සිදු කරන්නැයි ඉල්ලා අදත් විරෝධතා පැවැත්වුණා.

ජාතික සංවිධාන එකමුතුව ඇතුළු තවත් සිවිල් සංවිධාන නියෝජිතයන් කිහිපදෙනෙකු අපරාධ පරික්ෂන දෙපාර්තමේන්තුවට පැමිණිලි කලේ දැරියගේ මරණය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂනයක් පවත්වන ලෙස ඉල්ලමින්.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 21, 2021 19:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2021

logo