fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජනතා සේවය අඩපණ කරන්න එපා – මුදල් ඇමති නිලධාරීන්ගෙන් ඉල්ලයි

ITN News Editor
By ITN News Editor ජූලි 21, 2021 17:58

ජනතා සේවය අඩපණ කරන්න එපා – මුදල් ඇමති නිලධාරීන්ගෙන් ඉල්ලයි

ජනතා සේවය අඩපණ කරන්න එපා කියලා මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා මහජන නියෝජිතයන්ගෙන් වගේම නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

මහජන නියෝජිතයන් ආණ්ඩුකාරවරුන් සහ දිස්ත්‍රික් ලේකම්වරුන් සමග අමාත්‍යවරයා අරලියගහ මන්දිරයේ දී සාකච්ඡාවක් පැවැත්වුවා. එහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ අර්ථ සාධක අරමුදලෙන් බදු අය කිරීමේ අදහසක් රජයට නැති බවයි. අනවශ්‍ය වියදම්, නාස්තිය හා දූෂණය අවම කරන ලෙසද අමාත්‍යවරයා ඉල්ලා සිටියා. තාක්ෂණය ආශ්‍රිත රැකියාවලින් මේ වනවිට බිලියන එකයි දශම දෙකක පමණ ආදායමක් මෙරටට හිමි වනවා.

වෙනත් රටවලින් පවා මෙරට තාක්ෂණවේදීන්ගේ සහාය ලබා ගන්නා ප්‍රවණතාවක් පවතින බැවින් එවැනි ආදායම් මාර්ග කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බවට බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. ආයෝජකයින් අපහසුතාවට පත් වීම වැලැක්විය යුතුයි. එමෙන්ම ආයෝජකයින් දිරි ගැන්වීමේ ක්‍රමවේද කෙරෙහි අවධානය යොමු කළ යුතු බවද මුදල් අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා.

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 21, 2021 17:58

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2021

logo