fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දියාවේ කොරෝනා ව්‍යාප්තිය ගැන කෙරුණු නවතම සමීක්ෂණයක ප්‍රතිඵල නිකුත් වෙයි

ITN News Editor
By ITN News Editor ජූලි 21, 2021 16:25

ඉන්දියාවේ කොරෝනා ව්‍යාප්තිය ගැන කෙරුණු නවතම සමීක්ෂණයක ප්‍රතිඵල නිකුත් වෙයි

ඉන්දියාවේ කොරෝනා වයිරස ව්‍යාප්තිය ගැන කෙරුණු නවතම සමීක්ෂණයක ප්‍රතිඵල අදත් නිකුත් කෙරුණා. ඒ වාර්තාවේ ආකාරයට සමස්ත ඉන්දීය ජනතාවගෙන් තුනෙන් දෙකක පිරිසක් කොරෝනා වයිරසයට නිරාවරණය වී ඇති බව සඳහන්.

ඉන්දීය සෞඛ්‍ය පර්යේෂණ කවුන්සිලය සිදුකළ සමීක්ෂණයකිනුයි මේ බව හෙලිව ඇත්තේ. ඉන්දියාවේ ප්‍රාන්ත 21 කින් පුද්ගලයින් තිස් හය දහස් දෙසිය විසි හත් දෙනෙකු මෙම සමීක්ෂණය සදහා සහභාගි කරගෙන තිබෙනවා. වයස අවුරුදු හයට  වැඩි ජනගහනයෙන් සියයට හැට හතක් කොරෝනා වයිරසයට නිරාවරණය වී ඇති බව එහි සදහන්. සමීක්ෂණයට සහභාගි වූ තුනෙන් දෙකක පිරිසකගේ සිරුරෙහි ප්‍රතිදේහ සහිත බවද සමීක්ෂණ වාර්තාවේ දැක්වෙනවා.

ඒ හේතුවෙන් ඔවුන්ට  වයිරසයෙන් දැඩි බලපෑමක් සිදු වන්නේ නැහැ. සමීක්ෂණයේ ප්‍රතිඵල අනුව වයිරසය වැලදීමේ අවධානමට මුහුණ පා සිටින ඉන්දියානුවන් සංඛ්‍යාව මිලියන 400 ක්. කෙසේ වුවද එරට නිල දත්තයන්ට අනුව වයිරස ආසාදිතයින් සංඛ්‍යාව තුන් කෝටි දොලොස් ලක්ෂයක් පමණ වන අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව හාරලක්ෂ විසි දහසකට ආසන්නයි. පසුගිය මැයි මාසයේ දි දෛනිකව ආසාදිතයින් වාර්තා වීමේ සාමාන්‍ය අගය  තුන් ලක්ෂ අසූ දහසක් පමණ වුවද මේ වනවිට එම අගය හතලිස් දහස දක්වා පහත බැස තිබෙනවා. මේ අතර,සංචාරක ස්ථාන හා වෙළද සංකීර්ණ වැනි මහජනතාව බහුලව ගැවසෙන ස්ථානයන්හි කොරෝනා වයිරසයේ නව ප්‍රභේද ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමේ වැඩි ඉඩක් පවතින බවයි එරට වෛද්‍යවරුන් අනතුරු අගවන්නේ.

 

ITN News Editor
By ITN News Editor ජූලි 21, 2021 16:25

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2021

logo