ජනතාව සමඟ එකතු වී කාබනික පොහොර සටන ජය ගැනීමට රජය සූදානම්
Related Articles
ජනතාව සමග එකතු වී කාබනික පොහොර සටන ජය ගැනීමට රජය සූදානම් බව ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කරනවා. කාබනික ගොවිතැන දිවයිනේ සෑම ප්‍රදේශයකම පාහේ මේ වනවිට ආරම්භ කර තිබෙනවා.
මහරගම පතිරගොඩ ජයගත්මාවතේ ප්‍රජා ශාලා පරිශ්‍ර යේ දී කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපෘතියක් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධණ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. කාබනික පොහොර නිෂ්පාදනය පිළිබද මෙහිදී පූර්ණ දැනුමක් ලබාදීම සිදු වනවා.
කොලොන්නාව ගොවි සංවිධාන පහක සාමාජිකයන් ද කාබනික පොහොර නිෂ්පාදනය ආරම්භ කළා. කොළඹ නගරයට ආසන්නයේ කුඹුරු අක්කර 130 ක් මේ වනවිට අස්වැද්දීම සදහා සූදානම් කර තිබෙනවා. මෙම වගාවන් සදහා අවශ්‍ය කොම්පෝස්ට් පොහොර නිෂ්පාදන කටයුතු සාර්ථකව සිදු වනවා. කාබනික දියර පොහොර නිෂ්පාදනයද ඊට ඇතුළත්.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අනුබද්ධ ගොවි සංගම් නියෝජිතයින් කැදවා තිබූ මාධ්‍ය හමුවකදී ද කාබනික වගාව පිළිබද කරුණු පැහැදිලි කළා. ***කඩුවෙල රනිජ දන්වන