fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දියාවෙන් දියවන්නාවට පාවෙන සූර්ය විදුලි බලාගාරයක්

ITN News Editor
By ITN News Editor ජූලි 21, 2021 12:31

ඉන්දියාවෙන් දියවන්නාවට පාවෙන සූර්ය විදුලි බලාගාරයක්

පාවෙන සූර්ය විදුලි බලාගාර ඉදිකිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කිරීම කඩිනම් කළ යුතු බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

වසර 2030 වනවිට විදුලිබල අංශයට පුනර්ජනනීය බලශක්ති දායකත්වය 70% දක්වා වර්ධනය කිරීමේ අරමුණින් සමස්ත දිවයින ආවරණය වන පරිදි පුනර්ජනනීය විදුලිබල ව්‍යාපෘති රාශියක් දියත් කිරීමට විදුලිබල අමාත්‍යාංශය ප්‍රමුඛ ලංකා විදුලිබල මණ්ඩලය විසින් පියවර ගෙන තිබෙනවා.

මෙහි පළමු අධියර වශයෙන් ඉන්දීයානු රජයේ ණය ආධාර යටතේ, දියවන්නාව කේන්ද්‍ර කරගනිමින් පළමු පාවෙන සූර්ය විදුලි බලාගාරය ඉදිකිරීමට සැලසුම් කර ඇත. පාර්ලිමේන්තු පරිශ්‍රයේ දෛනික විදුලි අවශ්‍යතාවය සපුරාගත හැකි වන පරිදි ඉදිකිරීමට යෝජිත මෙම පාවෙන සූර්ය විදුලි බලාගාරය, මෙගාවොට් 1.5 ක ධාරිතාවෙයකින් යුක්තවන අතර මේ වනවිට මෙහි මූලික ශක්‍යතා අධ්‍යයන කටයුතු සිදු කෙරෙමින් පවතී. දියවන්නාවේ පාවෙන සූර්ය විදුලි බලාගාරය ඉදිකිරීම ඉතාමත් කඩිනමින් සිදුකර, පාවෙන සූර්ය විදුලිබලාගාර සංකල්පය පිළිබඳව පාර්ලිමේන්තුවෙන් සමස්ත රටටම පූර්වාදර්ශයක් ලබාදෙන බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අවධාරණය කරයි.

මෙම නවමු ව්‍යාපෘති සංකල්පයේ දෙවන අධියර වෙනුවෙන් මහවැලි අධිකාරිය විසින් මේ වනවිට ජලාශයන් කිහිපයක් නම්කර තිබෙනවා. ලංකා විදුලිබල මණ්ඩලය විසින් අදාළ ජලාශයන් කේන්ද්‍ර කරගනිමින් ශක්‍යතා අධ්‍යයනයන් සිදුකිරීමට නියමිතය. මෙහිදී උපරිම ධාරිතාවක් ලබාගත හැකි ජලාශයන් තෝරා ගැනීමට ලංකා විදුලිබල මණ්ඩලය විසින් ක්‍රියාකරනු ඇත අතර අවම ධාරිතාවය මෙගාවොට් 100 ක් වියයුතු බවට මේ වනවිට යෝජනා වී ඇත.

ITN News Editor
By ITN News Editor ජූලි 21, 2021 12:31

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2021

logo