හයිටි රාජ්‍යයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ඒරියල් හෙන්රි පත් කෙරේ
Related Articles
හයිටි රාජ්‍යයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ඒරියල් හෙන්රි පත් කර තිබෙනවා.
සති දෙකකට පමණ කාලයකට ඉහතදී එරට ජනාධිපති ජොවෙනෙල් මොයිස් වෙඩි තබා ඝාතනය කෙරුණා. ඉන් අනතුරුව ඊයේ දිනයේදී අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ ක්ලෝඩ් ජෝසප් සිය ධූරයෙන් ඉල්ලා අස්වීමටයි කටයුතු කළේ. ඒ සමගම හයිටි රජය නව අග්‍රාමාත්‍යවරයෙකු නම් කරනු ලැබුවා. ජනාධිපතිවරයාගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විටත් පරීක්ෂණ සිදු කෙරෙනවා. ජනාධිපතිවරයාගේ ඝාතනයෙන් පසු ඇමෙරිකාව ප්රමුඛ බටහිර රටවලින් හයිටි රාජ්‍ය උපකාර ඉල්ලා සිටියද එය ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ.