ලෝකයේ හොඳම කැල්සයිට් නිධියෙන් විශාල විදේශ විනිමයක් ගේන්න ඇමති අමරවීර සූදානම්
Related Articles
බලන්ගොඩ කල්තොට කැල්සයිට් නිධියෙන් නිෂ්පාදන සිදු කර රටට විශාල විදේශ විනිමයක් ගේන්න ඇමති මහින්ද අමරවීර මහත්මා සූදානමින් සිටිනවා.
දත් බෙහෙත්, බෙහෙත් පෙති, තීන්ත,පොහොර ආදිය නිෂ්පාදනය කිරීම සදහා කැල්සයිට් යොදා ගන්නවා. ලෝකයේ හොදම පිරිසිදු කැල්සයිට් සහිති නිධිය ලෙසට සැලකෙන්නේ බලංගොඩ කල්තොට මෙම නිධියයි. එම අමුද්‍රව්‍ය යොදා ගනිමින් අගය එකතු කළ නිෂ්පාදන සදහා කර්මාන්තශාලාවක් පිහිටුවීමේ අවබෝධතා ගිවිසුමට පරිසර අමාත්‍යංශයේ දී අත්සන් තැබුණා. එය සිදුවූයේ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙනුයි.