fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඊයේ දිනයේ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව බ්‍රිතාන්‍යයෙන් වාර්තා වෙයි

ITN News Editor
By ITN News Editor ජූලි 21, 2021 09:53

ඊයේ දිනයේ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව බ්‍රිතාන්‍යයෙන් වාර්තා වෙයි

ගතවූ පැය 24 ට ලොව පුරා රටවල් 220 කින් හමුවී ඇති කොරෝනා වයිරස ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ පහ ඉක්මවා තිබෙනවා. සිදුව ඇති මරණ සංඛ්‍යාව 8267ක්.

ඊයේ දිනයේ දී වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් හමුවී ඇත්තේ බ්‍රිතාන්‍යයෙන්. එම සංඛ්‍යාව 46,558ක්. ඉන්දියාවෙන් වැඩිම මරණ වාර්තා වී ඇති අතර වයිරසය හේතුවෙන් ඊයේ දිනයේ දී ඉන්දියාවේ මිය ගිය සංඛ්‍යාව 1425 ක් ලෙසයි දැක්වෙන්නේ.

ඉන්දියාව , ඇමරිකාව  ,ඉන්දුනීසියාව ඇතුලු රටවල් කිහිපයකින්ම හමුවන ආසාදිතයින් සංඛ්‍යාවේ ඉහළ යාමක් පෙන්නුම් කරන බවද වාර්තා වනවා. මේ වනවිට හමුව ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දහ නව කොට් විසි තුන් ලක්ෂයකට ආසන්නයි. සිදුව ඇති මරණ සංඛ්‍යාව 4,133,819ක් බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 21, 2021 09:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2021

logo