ජාතික සදුන් උයන ජනතා අයිතියට
Related Articles
රජ දවසින් පසු රාජ්‍ය අනුග්‍රහය ලැබ ඉදිවූ ප්‍රථම ජාතික සදුන් උයන ඊයේ ජනතා අයිතියට පත් කෙරුණා.
ඒ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහාතාගේ ප්‍රධානත්වයෙන්.
බත්තරමුල්ල ශ්‍රී ජයවර්ධනපුර ජාතික සදුන් උයන අක්කර නවයකින් සමන්විතයි. නාගරික සංවර්ධන අධිකාරියට අයත් මෙම සදුන් උයන සදහා වැයකළ මුදල රුපියල් මිලියන 294 ක්. අති දුර්ලභ වටිනා රත් හදුන් ශාක තුන්සියයක් සහ සුදු හදුන් ශාක නවසියක් ජාතික සදුන් උයනට ඇතුළත්. පාර්ලිමේන්තු සංකීර්ණය අසළ පිහිටි ජාතික සදුන් උයන අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා. විමල් වීරවංශ, ගාමිණී ලොකුගේ, මහින්ද අමරවීර යන අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් වන ආචාර්ය නාලක ගොඩහේවා, මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් ද ඊට එක්ව සිටියා.
වෙනස්ම ආකාරයේ පරිසර හිතමිතුරු ව්‍යාපෘතියක් ලෙසයි මෙය ඉදිකර තිබෙන්නේ. පොකුණු දොලහකින් යුත් ප්‍ර දේශයක් ඇති අතර එළි මහන් රංග පීඨය අතිත රංග පීඨවල සිරිය මවනවා. ජාතික සදුන් උයන ව්‍යායාම, යෝග හා භාවනා වැඩසටහන් සදහාද සුදුසු පරිසරයකින්ද සමන්විතයි.
සදුන් උයනට පැමිණෙන්නන් සදහා වාහන හැටක් නැවැත්විය හැකි විවෘත රථ ගාලක් සනීපාරක්ෂක පහසුකම් හා අවන්හල්ද වනවා. ජාතික සදුන් උයනේ ව්‍යාපෘති සැලසුම් වාස්තු විද්‍යානුකූලව නිර්මාණ කටයුතු ව්‍යාපෘති කලමනාකරණය හා මූල්‍ය දායකත්වය නාගරික සංවර්ධන අධිකාරියේ පරිසර හා භූ දර්ශන අංශය මගින් සිදුකර තිබෙනවා.