අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාසභංගය වැඩි ඡන්ද 91කින් පරාජයට පත්කළා.
විශ්වාසභංගය විරුද්ධව ඡන්ද 152 ලැබුණු අතර විශ්වාසභංගය පක්ෂව ලැබුණේ ඡන්ද 61ක් පමණයි.
මේ අනුව වැඩි ඡන්ද 91කින් විශ්වාසභංගය පරාජයට පත්කිරීමට හැකිවුණා.
අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාසභංගය ගෙන එනු ලැබුවේ සමගි ජනබලවේගයයි. එහි නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු මන්ත්‍රිවරුන් 43 දෙනෙකු ඊට අත්සන් තබා තිබුණා. මෙම විශ්වාසභංගය එන එනු ලැබුවේ ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය පළකරමිනුයි. අමාත්‍ය උදය ගම්මන්පිළ මහතාට එරෙහිව සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් අත්සන් කළ මෙම විශ්වාසභංග යෝජනාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට භාර දුන්නේ පසුගිය මස 22 වනදායි. කරුණු 10 ක් පදනම් කරගනිමිනුයි එය ඉදිරිපත් කර තිබුණේ.
මෙම විශ්වාසභංග යෝජනාව සමස්ත අමාත්‍ය මණ්ඩලයට ගෙන ආ යුතු බවට වූ සංශෝධනයක් පාර්ලිමේන්තු මන්ත්‍රි රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කර තිබුනද එය පාර්ලිමේන්තු සම්ප්‍රදායට පටහැනි බැවින් ඉවත් කෙරුණා.