කොරෝනා නිසා ඉන්දියාවේ ලක්ෂ 40කට ජීවිත අහිමිවනු ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළි වෙයි
Related Articles
කොරෝනා වසංගතයේ බලපෑමෙන් ඉන්දියාවේ පුද්ගලයින් ලක්ෂ හතලිහකට පමණ ජීවිත අහිමිවනු ඇති බවට නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.
වයිරස ව්‍යාප්තිය ආරම්භ වූ පසුගිය වසරේ වාර්තා වූ ආසාදිතයින් හා මරණ දත්තයන්ට සාපේක්ෂවයි මෙම සමීක්ෂණය සිදුකර ඇත්තේ. අපේක්ෂිත මරණ සංඛ්‍යාව වයිරසය ආසාදනය වීමෙන් පමණක් සිදු නොවුවද කොරෝනා වසංගත තත්ත්වය මත පදනම් වූ කුමන හෝ හේතුවක් නිසා සිදුවිය හැකි බවටයි එහි දැක්වෙන්නේ. වයිරස ව්‍යාප්තියත් සමග ආර්ථිකය කඩා වැටීම හේතුවෙන් බොහෝ පිරිසකට ආහාර හිගතාවකට ද මුහුණ දීමට සිදුව තිබෙනවා. නිල වාර්තාවන්ට අනුව මේ වනවිට එරට සිදුව ඇත්තේ කොරෝනා මරණ හාර ලක්ෂ දා හතර දහසක් පමණයි. කෙසේ වුවද ඉන්දියාව තුළ සිදුවන කොරෝනා මරණ බොහොමයක් නිල වාර්තා අතරට එක් නොවන බවද මෙහි සදහන්.