fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොරෝනා පාලනයට ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත 02ක් වසා දැමේ

ITN News Editor
By ITN News Editor ජූලි 20, 2021 15:55

කොරෝනා පාලනයට ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත 02ක් වසා දැමේ

කොරෝනා වයිරස ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණෙන් ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හයෙන් ප්‍රාන්ත දෙකක්ම වසා දමා තිබෙනවා.

ඩෙල්ටා වයිරස ප්‍රභේදය ශීඝ්‍රයෙන් ඕස්ට්‍රේලියාව තුළ ව්‍යාප්ත වීම හේතුවෙනුයි මෙම පියවර ගෙන ඇත්තේ. වසා දමා තිබූ වික්ටෝරියා ප්‍රාන්තය අද විවෘත කිරීමට  නියමිතව තිබුණද  වසා දැමීමේ කාලය තවත් දින හතකින් දීර්ඝ කිරීමට බලධාරීන් පියවර ගත්තා. දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයද අද සිට සතියක කාලයක් සඳහා වසා දැමෙනු ඇති. වැඩිම ඩෙල්ටා ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වූ සිඩ්නි නගරය සති පහක කාලයක් පුරා වසා දමා තිබෙනවා. මේ වනවිට නිව්සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් පමණක් හමුවී ඇති ඩෙල්ටා ආසාදිතයින් සංඛ්‍යාව 1400 කට අධිකයි.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 20, 2021 15:55

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2021

logo