රට විවෘත කෙරුණද දැඩි අවධානයෙන් යුතුව කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් එරට ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. අද දිනය බ්‍රිතාන්‍ය ජනතාවගේ නිදහස් දිනය ලෙසයි අග්‍රාමාත්‍යවරයා හදුන්වන්නේ. නීති ලිහිල් කිරීමත් සමග මාස දහඅටක කාලයකට පසු එරට රාත්‍රී සමාජ ශාලා විවෘත කිරීමට අවසර හිමි වුණා.
පුද්ගල ඒකාරාශීවීම් පිළිබද සීමා පනවා නොමැති අතර උත්සව අවස්ථාවන් සදහාද ඕනෑම පිරිසකට සහභාගි විය හැකියි. මුඛ ආවරණ පැළදීම නිර්දේශ කර තිබුණද එය නීතියෙන් අනිවාර්ය කර නොමැති බවයි වාර්තා වන්නේ. කෙසේ වුවද නිරෝධායන නීති ලිහිල් කිරීම සම්බන්ධයෙන් එරට විපක්ෂය හා වෛද්‍ය විශේෂඥයන් තම දැඩි විරෝධය පළ කර තිබෙනවා.
එරටින් දෛනිකව ආසාදිතයින් හතළිස් පන්දහසක් පමණ වාර්තා වන අතර රට විවෘත කිරීමත් සමග එය ලක්ෂ දෙකක් තරම් ඉහළ අගයක් ගනු ඇති බවටයි සෞඛ්‍ය අංශ අනතුරු අගවන්නේ. ඩෙල්ටා ප්‍රභේදය ශීඝ්‍ර ලෙස එංගලන්තය තුළ ව්‍යාප්තවීම ඊට ප්‍රධාන හේතුවයි.