fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බැසිල්ට එරෙහි නඩුව සැප්තැම්බර් දක්වා කල් යයි

ITN News Editor
By ITN News Editor ජූලි 19, 2021 13:34

බැසිල්ට එරෙහි නඩුව සැප්තැම්බර් දක්වා කල් යයි

2015 ජනාධිපතිවරණ සමයේදී දිවි නැගුම සංවර්ධන අරමුදලට අයත් මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුව තවදුරටත් පවත්වාගෙන යාමට හැකියාවක් තිබේද යන්න පිළිබද නීතිපතිවරයා කරුණු අධ්‍යයනය කරමින් සිටින නිසා අදාළ නඩුව සැප්තැම්බර් පළමුවනදා යළි කැදවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා. 2015 ජනාධිපතිවරණ සමයේදී දිවි නැගුම සංවර්ධන අරමුදලට අයත් රුපියල් ලක්ෂ 365 ක මුදලක් වැය කර ජී අයි පයිප්ප මිලදී ගෙන බෙදාහැරීම තුළින් එම අරමුදලේ මුදල් සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා කරමින් බැසිල් රාජපක්ෂ   සහ දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක යන මහත්වරුන්ට එරෙහිව නීතිපතිවරයායි මෙම නඩුව පවරා තිබුණේ.

ITN News Editor
By ITN News Editor ජූලි 19, 2021 13:34

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්