කාබනික පොහොර ව්‍යාපෘති 102 ක් වව්නියාව ප්‍රදේශයේදී ආරම්භ කෙරුණා. මාස් කන්නයේ වී වගාවට ප්‍රමාණවත් තරම් පොහොර නිෂ්පාදනය මෙහි අරමුණයි.
වස විසෙන් තොර කෘෂි නිෂ්පාදන සදහා වූ රජයේ වැඩපිළිවෙළ අනුව යමින් කාබනික පොහොර නිෂ්පාදනයට දිවයිනේ විවිධ අංශ යොමු වී සිටිනවා. මේ යටතේ වව්නියාවේ ග්‍රාම නිලධාරී වසම් 102 ක කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපෘති 102 ක් ආරම්භ වුණා. ඒ ප්‍රදේශයට ආවේණික ශාක කොටස් ආදිය මිශ්‍ර කරමින්. වව්නියාව ඉරට්ටපෙරියකුලම ප්‍රදේශයේ පොහොර ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ අවස්ථාවට දිස්ත්‍රික් ලේකම් සමන් බන්දුලසේන මහතාද එක් වුණා.
මේ අතර ඇලහැර දිග්ගල්පිටිය මහවැලි කොට්ඨාසයේ ගොවි ජනතාවට සිය වගාවන්ට අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනයට අදාළ තාක්ෂණික දැනුම ලබාදීමට ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය එක්ව සිටිනවා. මේ වන විටත් දිග්ගල්පිටිය මහවැලි කොට්ඨාසයේ සියයට හැටක පමණ ජනතාවක් සිය වගා කටයුතු සිදු කරන්නේ තමන්ම නිපදවා ගත් කාබනික පොහොර භාවිත කරමිනි.
[ot-video type=”youtube” url=”https://youtu.be/ysQ7AnmFUek”]