මැතිවරණ හා ඡන්ද විමසීම් නීති ප්‍රතිසංස්කරණයට දේශපාලන පක්ෂ විසිඑකකින් සහ මහජනතාව හා සිවිල් සංවිධාන වලින් යෝජනා 155 ක් ලැබී තිබෙනවා.
මැතිවරණ හා ඡන්ද විමසීම් ව්‍යුහයේ නීති ප්‍රතිසංස්කරණය සදහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පසුගියදා පත්කෙරුණා. ඒ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්. ඒ සදහා අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට ලබාදී තිබූ කාලය පසුගිය 15 වනදායින් අවසන් වුණා.
මෙම කාරක සභාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය ඇතුළු පිළිගත් දේශපාලන පක්ෂ 21 කින් යෝජනා ලැබී තිබෙනවා. මහජනතාව සහ සිවිල් සංවිධාන වෙතින් ඉදිරිපත්ව ඇති යෝජනා හා අදහස් සංඛ්‍යාව 155 ක්. මෙම යෝජනා ඉදිරියේදී පැවැත්වෙන විශේෂ කාරක සභා රැස්වීම්වලදී අවධානයට ලක්කෙරෙනු ඇති. විශේෂ කාරක සභාවේ මීළග රැස්වීම ලබන 28 වනදා පැවැත්වීමට නියමිතයි.