මහනුවර නගරයේ වයස අවුරුදු 30ත් 60ටත් අතර පුද්ගලයින් සඳහා එන්නත් ලබාදීම හෙට දින ආරම්භ කෙරෙන බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා. ස්ථාන 101ක් තුළදී එන්නත් කරන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ.
අද මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී පැවැති පළාත් කොවීඩ් මර්දන හා මෙහෙයුම් කමිටුවේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා.
මහනුවර දිස්ත්‍රික්කය සඳහා අවශ්‍යය එන්නත් ඒ ඒ පරිද්දෙන් ලබාගැනීමට මධ්‍යම රජය කටයුතු යොදා ඇති බවත් ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය සඳහා එන්නත් කරන කටයුතු ද කඩිනමින් ආරම්භ කරන බවත් අමාත්‍යවරයා සදහන් කළා.