කරන්දෙනිය ප්‍රදේශයේ වයස 15ක් වන පාසැල් දැරියක් අපයෝජනය කළ බවට වන චෝදනාවට බටපොල දොරල ප්‍රදේශයේ වයස 52ක පාසල් ගුරුවරයකු හා කරන්දෙනිය කිරිපේද්ද ප්‍රදේශයේ වයස17ක තරුණයෙකු ලබන 26දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
කරන්දෙනියේ පදිංචි මෙම පාසල් දැරිය වෛද්‍ය පරික්ෂණය සදහා ඇල්පිටිය මුලික රෝහලට ඇතුලත් කර ඇත.
පසුගිය 15 දින ගාල්ල රූමස්සල වෙරළ තිරයේදි මෙම පාසැල් දැරිය සමඟ මෙම පුද්ගලයන් දෙදෙනා ප්‍රදේශවාසින් එක්ව අල්ලාගෙන හබරාදුව පොලිස්ථානයට භාර දි ඇති අතර පසුව කරන්දෙනිය පොලිස්ථානයට විමර්ශනය සදහා භාර කෙරුණා.
විමර්ශනයට අනුව කරන්දෙනිය මහා ඒදන්ඩ මංසන්දියේදි මෙම ගුරුවරයා ඔහුගේ මෝටරථයෙන් තරුණයා සමග ප්‍රේම සබදතාවයක් ඇති පාසැල් දැරියද නංවාගෙන රූමස්සලට රැගෙනගොස් තිබෙනවා.
මෙම පාසැල් ගුරුවරයා දහම්පාසලක ප්‍රධානාචාර්ය වරයෙකුද වන බව පැවසේ.