fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මහජන ආරක්ෂක කමිටු 200ක ප්‍රජා පොලිස් ඒකක භාර නිලධාරීන් ලබන සදුදා වැඩ අරඹයි

ITN News Editor
By ITN News Editor ජූලි 17, 2021 14:15

මහජන ආරක්ෂක කමිටු 200ක ප්‍රජා පොලිස් ඒකක භාර නිලධාරීන් ලබන සදුදා වැඩ අරඹයි

බස්නාහිර පලාතේ කොළඹ දිස්ත්රිික්කයේ ග්‍රාම නිලධාරී වසම් 77 ක පිහිටුවනු ලැබූ මහජන ආරක්ෂක කමිටු 200 ක ප්‍රජා පොලිස් ඒකක භාර නිලධාරීන් ලබන සදුදා (19) දින සිට නව මාර්ගෝපදේශ යටතේ රාජකාරී ආරම්භ කිරීමට නියමිත බව ශ්‍රී ලංකා පොලිසිය නිවේදනය කරනවා.

ඒ සඳහා මාර්ගෝපදේශ අඩංගු අත් පොත ප්රූධානය කිරීම ඊයේ පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේදී මහජන ආරක්ෂාව පිළිබඅමාත්‍ය සරත් වීරසේකර, ප්‍රජා පොලිස් සේවා ගරු රජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

මෙම නියමු ව්යාමපෘතිය යටතේ කොළඹ නගරයේ පදිංචි ජනතාවගේ විවිධ පැමිණිලි විමර්ශනය, නිෂ්කාශන වාර්තා, ගිණි අවි හා ශබ්ද විකාශන බලපත්ර අයදුම්පත් විමර්ශනය වැනි මහජන මිත්‍රශීලි පොලිස් රාජකාරී මෙන්ම සිතාසි ක්‍රියාත්මක කිරීම, දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවන් අධීක්ෂණය වැනි අපරාධ නිවාරණ පොලිස් රාජකාරීන් සෘජුවම ග්රාරමීය ප්‍රජා පොලිස් ඒකක භාර නිලධාරීන් මගින් සිදුකරවා ගැනීමට අපේක්ෂිතයි.

මෙම රාජකාරී කරන නිලධාරීන්හට නවීන තාක්ෂණික උපකරණයක් වන වීඩියෝ කැමරා සහිත ගමන් කථනයක් හඳුන්වාදුන් අතර, සංඛේතාත්මකව එවැනි කැමරා 05 ක් කුදුරුඳුවත්ත, කොල්ලුපිටිය හා බම්බලපිටිය යන පොලිස් ස්ථාන වලට බෙදා දීමක්ද සිදු කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජූලි 17, 2021 14:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්