fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඔන්චිල්ලාවක එතී 09 හැවිරිදි දැරියක් මියයයි

ITN News Editor
By ITN News Editor ජූලි 17, 2021 13:59

ඔන්චිල්ලාවක එතී 09 හැවිරිදි දැරියක් මියයයි

ඌව-පරණගම, කහටතලාව ගම්මානයේ නිවසක් ඇතුලත කුඩා දරුවන් නැලවීම සදහා ගැට ගසා තිබු ඔන්චිල්ලාවක් පැදීමේදී එයට ගෙල සිරවිමෙන් නව හැවිරිදි දැරියක් මිය ගොස් තිබේ. මෙසේ මිය ගොස් ඇත්තේ යහලඅරාව දෙමළ විද්‍යාලයේ ඉගෙනුම ලබන දැරියක්.

සිද්ධිය සිදුව ඇත්තේ ඊයේ පස්වරුවේදීයි. දැරියගේ මව සහ පියා කුලී වැඩ කරමින් දිවි ගෙවන අතර ඔවුන්ට කුඩා පිරිමි දරුවෙකුද සිටිනවා. මියගිය දැරිය සහ ඇගේ කුඩා සොහොයුරා නිවස තුල රඳවා දැරියගේ මව සහ පියා දෛනික වැඩ කටයුතු සදහා නිවසින් බැහැරට යාම සිදුකර ඇති අතර දෛනික වැඩ නිම කර දැරියගේ මව ඊයේ පස්වරුවේ 4 ට පමණ නිවසට පැමිණි අවස්තාවේදී ඔන්චිල්ලාවේ මෙම දැරිය එතී සිටිනු දැක තිබෙනවා.

එම අවස්තාවේදීම දැරිය වැලිමඩ මූලික රෝහලට ගෙන ගොස් ඇතත් ඒ වන විටත් දැරිය මිය ගොස් සිටි බවයි වාර්තාවන්නේ. මූලික පොලිස් පරික්ෂණ වලදී දැරිය ඔන්චිල්ලාවේ ගෙල සිරවී මිය යන්නට ඇතැයි සැක කරන අතර සිද්ධිය පිළිබදව ඌව පරණගම පොලිසිය වැඩිදුර විමර්ශණ සිදු කරනවා. මේ වන විට දැරියගේ දේහය අධිකරණ වෛද්‍ය පරික්ෂණයක් සදහා බදුල්ල මහ රෝහල වෙත යවා තිබේ.

ITN News Editor
By ITN News Editor ජූලි 17, 2021 13:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්