fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ග්‍රීසියේ නගර රැසක සංචරණ සීමා ලිහිල් කෙරේ

ITN News Editor
By ITN News Editor ජූලි 17, 2021 14:55

ග්‍රීසියේ නගර රැසක සංචරණ සීමා ලිහිල් කෙරේ

ග්‍රීසියේ නගර ගණනාවක සංචරණ සීමා ලිහිල් කිරීමට එරට බලධාරීන් කටයුතු කර තිබෙනවා.

සංචරණ සීමා ලිහිල් කිරීමත් සමග ග්‍රීසියේ නගර රැසක ආපනශාලා,  හෝටල්,  රාත්‍රී සමාජ ශාලා,  සිනමා ශාලා සහ මත්පැන් අලෙවිසැල් මෙන්ම එළිමහන් ස්ථාන කරා පිවිසීමේ හැකියාව ජනතාවට ලැබී තිබෙනවා. එම ස්ථාන වලට ඇතුළුවන සියලුදෙනාට කොරෝනා මර්දන එන්නත් ලබාගෙන ඇති බව සහතික කිරීම අනිවාර්ය කර තිබෙනවා.

ඒ සදහා ජංගම දුරකතන යෙදවුමක් ද හදුන්වාදීමටයි එරට රජය කටයුතු කර තිබෙන්නේ. මේ වනවිට එරට වැඩිහිටි ජනගහනයෙන් 48% ක ප්‍රතිශතයකට එන්නත් මාත්‍රා දෙකම ලබාදී අවසන්.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 17, 2021 14:55

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්