ඊයේ (16) දිනයේදී නව කොරෝනා රෝගීන් 1517 දෙනෙකු හදුනා ගැනුණා. ඉන් 37 දෙනෙකු විදේශයන්හි සිට දිවයිනට පැමිණි අයයි.
ඊයේ දිනයේ හදුනාගත් ආසාදිතයින් 1517 දෙනා අතරින් වැඩිම පිරිස හමුවී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 252ක්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් 232ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් 153 ඊයේ හදුනාගත් පිරිසට ඇතුළත්.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව දෙලක්ෂ අසූ දෙදහස් හැට දක්වා ඉහළ ගියා. මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව විසිතුන් දහස් පන්සිය විසි අටක්. රෝගීන් දෙලක්ෂ පනස් හතර දහස් අටසිය හැත්තෑ එක් දෙනෙකු සුවය ලබා සිටිනවා.
පෙරේදා තහවුරු කර ඊයේ වාර්තා කළ මරණ 41 ක්ද සමගින් මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 3702 දක්වා ඉහළ ගියා.