fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඔලිම්පික් යන ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍යංශයෙන් රු.මිලියන 46.2ක ආයෝජනයක්

ITN News Editor
By ITN News Editor ජූලි 17, 2021 12:21

ඔලිම්පික් යන ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍යංශයෙන් රු.මිලියන 46.2ක ආයෝජනයක්

මෙවර ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යාංශය රුපියල් මිලියන 46.2 ක ආයෝජනයක් සිදුකර තිබෙනවා.

ජාතික ක්‍රීඩා සභාව හා උසස් දක්ෂතා කමිටු‌වේ නිර්දේශිත මුදල් චෙක්පත අදාළ අංශ වෙත ලබා දෙමින් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා මේ බව හෙළි කළා. ඒ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේදීයි.

ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ ඔවුන්ගේ පුහුණුකරුවන් සදහා අදාළ දීමනා හා පහසුකම් වෙනුවෙන් මෙම මුදල් වැය කිරීමට නියමිතයි. ගුවන් ටිකට් පත්,  දීමනා  සහ නවාතැන් පහසුකම් ආදිය ඒ අතර වනවා.

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 17, 2021 12:21

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2021

logo