ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරින් නව කොරෝනා ආසාදිතයින් 18 දෙනෙකු වාර්තා වීමත් සමග අද සිට දින 5 ක කාලයක් නගරය වසා දැමීමට අදාළ බලධාරීන් තීරණය කර තිබෙනවා.
ඒ අනුව නව අගුලු දැමීම ලබන අගහරුවාදා දක්වා ක්‍රියාත්මක වනු ඇති. දැඩි සංචරණ සීමා යටතේ වුවද එන්නත්කරණ ක්‍රියාවලිය අඛණ්ඩව සිදුකිරීමටයි පියවර ගෙන තිබෙන්නේ. අත්‍යාවශ්‍ය කාරණයකට හැර අන් කිසිවකටත් නිවසින් බැහැරවීම තහනම් කර තිබෙනවා.