පසුගිය වසරේදී ස්පාඤ්ඤය ක්‍රියාත්මක කරනු ලැබූ දැඩි කොරෝනා මර්දන ක්‍රියාමාර්ග ව්‍යවස්ථා විරෝධී බවට එරට අධිකරණයෙන් තින්දුවක් ලබා දී තිබෙනවා.
මෙම තීරණයත් සමගින් එරට ජනතාවට අදාළ නිරෝධායන නීති උල්ලංගනය කිරීමට අවස්ථාව සැළසෙන බවයි පැවසෙන්නේ. නිරෝධායන නීති කඩ කිරීම වෙනුවෙන් මෙතෙක් ගෙවූ දඩ මුදල් නැවත ඉල්ලා සිටීමට ද ඔවුන්ට හැකියාව ලැබෙනවා. රට වසා දැමීම හේතුවෙන් ව්‍යාපාරවලට සිදුවූ මූල්‍යමය හානිය රජයෙන් අයකර ගැනීමට මේ තුළින් අවස්ථාව සැළසෙන්නේ නැහැ. කොරෝනා ව්‍යාප්තිය උත්සන්න වීමත් සමග ස්පාඤ්ඤය පසුගිය වසරේ මාර්තු 14 වනදා සිට රටතුල හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීමට කටයුතු කළ අතර දැඩි නිරෝධායන නීති ද හදුන්වා දුන්නා.