වන අලි – මිනිස් ගැටුම් පාලනය කිරීම සඳහා ගරු ජනාධිපතිතුමා පත්කළ විශේෂ කමිටු නිර්දේශවලට අනුව යමින් අලිවැට නඩත්තු කිරීම, ප්‍රජා දායකත්වය සහ ප්‍රාදේශීය පාර්ශ්වකරුවන්ගේ දායකත්වය සහිත ස්වේච්ඡා බලකායකට පැවරීමේ නියමු ව්‍යාපෘතිය කුරුණෑගල සහ අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබෙනවා.
අලි මිනිස් ගැටුම පාලනය කිරීම සදහා විදුලි වැට ඉදිකිරීම පිළිබද අරලියගහ මන්දිරයේ පැවති විශේෂ සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදීම සිදු කළා.
ප්‍රජා දායකත්වය හා ප්‍රාදේශීය පාර්ශ්වකරුවන්ගේ දායකත්වය ගෙන මෙම ස්වෙච්ඡා බළකාය පිහිටුවන ලෙසයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පත් කළ විශේෂ කමිටුව නිර්දේශ කර තිබුණේ.
වනජීවී සංරක්ෂණ හෝ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට පමණක් සමස්ත වගකීම නොපවරන ලෙසයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී උපදෙස් දුන්නේ. ඒ අනුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය සහ ග්‍රාම නිලධාරීන් ඇතුළු රාජ්‍ය ආයතනය නිලධාරීන් සහ ග්‍රාමිය ප්‍රජා සංවිධාන මෙම ස්වෙච්ඡා බළකායට ඇතුළත් වනවා. කිලෝමීටර් 1500 ක විදුලි වැට ප්‍රමාණයක් ස්ථාපිත කිරීමට මේ යටතේ සැලසුම් කර තිබෙනවා. දිස්ත්‍රික් 19 ක් ආවරණය කරමින් ජාතික වැසටහනක් ලෙස එය ක්‍රියාත්මක කෙරෙන බවයි රජය සදහන් කළේ.
අදාළ අමුද්‍රව්‍ය සදහා ප්‍රසම්පාදන කටයුතු දැනටමත් අවසන් කර තිබෙනවා.
මෙම සාකච්ඡාවට රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ යන මහත්වරුන්ද එක් වුණා.