fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඔලිම්පික් උළෙලට සහභාගි වන කණ්ඩායමට සුඛෝපභෝගි පහසුකම්

ITN News Editor
By ITN News Editor ජූලි 14, 2021 12:07

ඔලිම්පික් උළෙලට සහභාගි වන කණ්ඩායමට සුඛෝපභෝගි පහසුකම්

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජපානයේ ඔලිම්පික් උළෙලට සහභාගි වන ශ්‍රී ලංකා ඔලිම්පික් කණ්ඩායම සඳහා සුඛෝපභෝගි පහසුකම් සමඟින් නවාතැන් සපයන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ඔලිම්පික් කණ්ඩායම දිරිමත් කිරීම ජාතික වගකීමක් ලෙස සලසා මෙම තීරණය ගත්තා කියලයි ඒ මහත්මයා කියා සිටියේ.

අරලියගහ මන්දිරයේ පැවති හමුවකදී නාමල් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළා. 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ සංවිධායකයන් නිර්දේශ කර ඇති සියලු මාර්ගෝපදේශ යටත්ව ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වීමට නියමිතයි. මේ මස 23 වනදා ආරම්භ වීමට නියමිත ඔලිම්පික් තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මලල ක්‍රීඩා , බැට්මිටන් ,අශ්වාරෝහක ,ජිම්නාස්ටික් , ජුඩෝ , වෙඩි තැබීම සහ පිහිනුම් යන ඉසව්වලින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක් වනවා. ක්‍රීඩකයන් හතර දෙනෙකු ක්‍රීඩිකාවන් පස් දෙනෙකු සහ පුහුණුකරුවන් ඇතුලු නිලධාරින් 17 දෙනෙකු ඔලිම්පික් උළෙලට සහභාගි වීමට නියමිතයි. ජාත්‍යන්තර තරග සඳහා ඉදිරිපත්වන මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ විශ්වාසය සහ ධනාත්මකබාවය ඉහළ නැංවීමට රජය සෑම විටම කටයුතු කරන බවද අමාත්‍යවරයා කියා සිටියා.

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 14, 2021 12:07

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2021

logo