fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දිනක් තුළ වැඩිම කොවිඩ් එන්නත්කරණය ඊයේ

ITN News Editor
By ITN News Editor ජූලි 14, 2021 11:08

දිනක් තුළ වැඩිම කොවිඩ් එන්නත්කරණය ඊයේ

මෙරට වැඩිම දෛනික කොවිඩ් මර්දන එන්නත්කරණය ඊයේ (13) දිනයේ සිදුකර තිබෙනවා.

ඒ අනුව ඊයේ දිනය තුළදී පුද්ගලයින් තුන් ලක්ෂ තිස් හත් දහස් හාරසිය හතලිස් පස් දෙනෙකු සදහා එන්නත් මාත්‍රා ලබාදී ඇති බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සදහන් කරන්නේ.

ඊයේ දිනයේ දී සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් දෙලක්ෂ අසූ නව දහස් එකසිය විසි දෙදෙනෙකු සදහාත් එහි දෙවන මාත්‍රාව පුද්ගලයින් තිස් දෙදහස් තුන්සිය අසූ පස් දෙනෙකු සදහා ත් ලබාදී තිබෙනවා. ස්පුටිනික් වී එන්නතේ පළමු මාත්‍රාව පහලොස් දහස් දෙසීය දෙදෙනෙකුත් සහ ෆයිසර් එන්නත් මාත්‍රා හත්සියක්ද කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා 36 ක් ද ලබාදී තිබෙනවා.

කොවිඩ් නයින්ටීන් වයිරසය එරෙහි ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ එන්නත් ලබාදීමේ වැඩපිළිවෙළ අද දිනයේත් ක්‍රියාත්මකයි. එම වැඩසටහන යටතේ යුද හමුදාවේ මෙහෙයවීමෙන් සයිනොෆාම් එන්නත ලබාදීම අද දිනයේත් බත්තරමුල්ල දියත උයන පරිශ්‍ර යේදී සිදු කෙරෙනවා. ඊයේ දිනයේ දී පමණක් දියත උයන පරිශ්‍ර යේදී එන්නත් මාත්‍රා 4676 ක් ලබා දී ඇති අතර පසුගිය පස් වෙනිදා සිට මේ දක්වා එන්නත් මාත්‍රා හතලිස් අට දහස් දෙසිය විසි හතරක් ලබාදී තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජූලි 14, 2021 11:08

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්