fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අභ්‍යවකාශය අසලටම ගිය කෝටිපති ව්‍යාපාරික රිචඩ් බ්‍රැන්සන්

ITN News Editor
By ITN News Editor ජූලි 12, 2021 11:33

අභ්‍යවකාශය අසලටම ගිය කෝටිපති ව්‍යාපාරික රිචඩ් බ්‍රැන්සන්

ලොව සුප්‍රකට කෝටිපති ව්‍යාපාරිකයෙකු වන ශ්‍රීමත් රිචඩ් බ්‍රැන්සන් අභ්‍යවකාශය අසලට ගොස් ආපසු පැමිණ තිබෙනවා.

ඔහුගේම සමාගමකට අයත් වර්ජින් ගැලටික් රොකට්ටුව මගිනුයි ඔහු අභ්‍යවකාශය අසලට ගොස් ඇත්තේ. වසර 17 ක කාලයක් සිදුකළ පර්යේෂණයකින් පසුව මෙම රොකට්ටුව නිර්මාණය කිරීමට රිචඩ් බ්‍රැන්සන්ගේ සමාගම සමත් වුණා. සිය ජීවිත කාලයේ ලැබූ උසස්ම අත්දැකීමක් ලෙස මෙය හදුන්වන බව බ්‍රැන්සන් කියා සිටියා.

අභ්‍යවකාශයේ සිට පෘථිවිය දැක ගැනීමට ලැබීම ගැන තමන් අතිශයින් සතුටු වන බවද ඔහු කියා සිටියා. අභ්‍යවකාශ සංචාරක කේෂ්ත්‍රයේ නව පිම්මක් ඇති කිරීමට‌ මෙය ඉවහල් වනු ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ.

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 12, 2021 11:33

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2021

logo