fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොට දයාගේ වෙඩිපිටියේ සුගත් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජූලි 11, 2021 18:26

කොට දයාගේ වෙඩිපිටියේ සුගත් අත්අඩංගුවට

කොට දයා නැමති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයාගේ ගෝලයෙකු බව කියන වෙඩිපිටියේ සුගත් නැමැත්තා අත්අඩංගුවට ගන්න පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් වුණා. ඒ මිරිහාන තලපත්පිටිය ප්‍රදේශයේදීයි.

පොලිස් විශේෂ කාර්ය බලකායට ලැබුණු තොරතුරක් මත මිරිහාන තලපත්පිටිය ප්‍රදේශයේ නිවසක  අද අළුයම සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගැණුනා. එම නිවසේ උඩු මහලෙහි පවත්වාගෙන ගිය ගංජා වගාවක්ද පොලිස් විශේෂ කාර්ය බලකාය සොයා ගත් අතර ගංජා පැල 24 ක් එහි වගා කර තිබුණා.

කේරල ගංජා, හෑෂ් ඇතුලු මත්ද්‍රව්‍ය මෙන්ම නීති විරෝධි දුම්වැටි තොගයක්ද  අත්අඩංගුවට ගැනීමට මෙහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.  අත්අඩංගුවට ගත් සැකකරු පනස් තුන් හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකු වන අතර ඔහු කොටදයා නැමති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයාගේ ගෝලයෙකු වන වෙඩිපිටියේ සුගත් නැමැත්තා බවටයි පොලිසිය අනාවරණ කරගෙන ඇත්තේ.

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 11, 2021 18:26

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්