fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දියාව සමඟ එක්දින හා විස්සයි විස්ස තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

ITN News Editor
By ITN News Editor ජූලි 9, 2021 12:53

ඉන්දියාව සමඟ එක්දින හා විස්සයි විස්ස තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආරම්භ වීමට නියමිත එක්දින හා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සදහා වූ ක්‍රීඩකයින් 25 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය නම්කර ඇති බවට වාර්තා වනවා.

එම ලේඛනය මේ වනවිට ක්‍රීඩා අමාත්‍යවරයා වෙත යොමුකර ඇති බවටයි පැවසෙන්නේ.

මෙහි කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානක නම්කර ඇති අතර උප නායකයා ලෙස නම්කර තිබෙන්නේ ධනංජය ද සිල්වායි. සංචිතයේ සෙසු ක්‍රීඩකයින් ලෙස කුසල් ජනිත් පෙරේරා,  අවිශ්ක ප්‍රනාන්දු,  පැතුම් නිශ්ශංක,  චරිත අසලංක,  වනිදු හසරංග,  රමේෂ් මෙන්ඩිස්,  චාමික කරුණාරත්න සහ දුෂ්මන්ත චමීර ඇතුළු ක්‍රීඩකයින් කිහිප දෙනෙකු නම්කර තිබෙනවා.

කෙසේ වෙතත් මෙම ක්‍රීඩකයින් 25 දෙනාගේ සංචිතයට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් වන දිනේෂ් චන්දිමාල්,  අසේල ගුණරත්න සහ ඩිල්ෂාන් මුණවීර යන ක්‍රීඩකයින් ඇතුළත්ව නැහැ.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ ඉන්දීය තරගාවලිය සදහා තවමත් නිල වශයෙන් සංචිතයක් නම්කර නොමැති බවයි.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 9, 2021 12:53

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්