සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ අත්අඩංගුවට ගැනීම්වලට එරෙහිව සමගියෙන් මූලික අයිතිවාසිකම් පෙත්සම්

ITN News Editor
By ITN News Editor ජූලි 9, 2021 11:42

සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ අත්අඩංගුවට ගැනීම්වලට එරෙහිව සමගියෙන් මූලික අයිතිවාසිකම් පෙත්සම්

සෞඛ්‍ය මාර්ගෝපදේශ යොදාගෙන සාමකාමී උද්ඝෝෂණ මැඩපැවැත්වීමට ගන්නා ක්‍රියාමාර්ගයෙන් මූලික අයිතීන් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන්නැයි ඉල්ලා සමගි ජන බලවේගය පෙත්සම් 03ක් ගොනු කළා.

කොරෝනා වයිරස් ව්‍යාප්තිය පාලනයට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කර ඇති මාර්ගෝපදේශ යොදාගනිමින් සාමකාමී උද්ඝෝෂණ මැඩපැවැත්වීමට හා අත්අඩංගුවට ගැනීම් සිදුකිරීමට පොලීසිය ගන්නා ක්‍රියාමාර්ග තුළින් මූලික අයිතීන් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනුකෙරුණා.

සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර,  හර්ෂණ රාජකරුණා හා මයන්ත දිසානායක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙම පෙත්සම ගොනුකළා.

එහි වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා,  සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා,  සෞඛ්‍ය අමාත්‍යවරිය හා නීතිපතිවරයා නම්කර තිබෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 9, 2021 11:42