ඌරු ජුවාට අයත් ගිනි අවියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
Related Articles
මිය ගිය පාතාල නායකයෙකු වන ඌරු ජුවා නැමැත්තාට අයත් ගිනි අවියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත්වුණා.
පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති එල්.එම්.ඒ. මනෝහර මහතා ඇතුලු නිලධාරීන් කණ්ඩායමක් හංවැල්ල ජල්තර ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී ගිනි අවිය සමඟ සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවා. බුද්ධි තොරතුරකට අනුවයි වැටලීම සිදුකළේ. මිය ගිය පතාල නායකයෙකු වන ඌරු ජුවා නමැත්තාට අයත් ජල්තර පිහිටි නිවසේ සඟවා තිබූ ටී 56 උණ්ඩ යෙදිය හැකි ගිනි අවියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැණුනා. ගිනි අවිය හා සැකකරු වැඩිදුර විමර්ශන සඳහා හංවැල්ල පොලීසිය වෙත භාර දීමටයි කටයුතු කෙරුණේ.
මේ අතර කටුනායක ප්‍රදේශයේදී සිදුකළ තවත් මෙහෙයුමකින් පිස්තෝලයක් හා ගල් කටස් වර්ගයේ ගිනි අවියක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ද පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් වුණා. සංවිධානාත්මක අපරාධකරුවෙකු වන හීනටිගල නීල් නමැත්තාගේ සහෝදරයෙකු වන ජායි හෙවත් රුක්මාල් වසන්ත නමැත්තා අත්අඩංගුවට ගැනීමෙන් පසු සිදුකළ ප්‍රශ්න කිරීම්වලදීයි මෙම ගිනි අවි සොයා ගනු ලැබුවේ. මෝටර් රථයක් ද පොලිස් භාරයට ගැණුනා.