හයිටියේ ජනාධිපති ජොවැනෙල් මොයිස් සිය නිවසට එල්ල කළ ප්‍රහාරයකින් මියගොස් ඇති බව අන්තර්වාර අගමැති ක්ලෝඩ් ජෝශප්ගේ ප්‍රකාශ කර තිබෙනවා. පෝර්ට් ඕ ප්‍රින්ස් හි ජනාධිපතිගේ නිවස නාඳුනන සන්නද්ධ පිරිසක් එරට වේලාවෙන් අලුයම 01:00 ට මෙම ප්‍රහාරය එල්ල කර ඇත.
ප්‍රහාරයෙන් ජනාධිපති ආර්යාව ද තුවාල ලැබූ බව වාර්තා වෙයි.
53 හැවිරිදි ජොවැනෙල් මෙයිස් 2017 පෙබරවාරි මාසයේ සිට බලයේ සිටියේ ඔහුගේ පූර්වගාමියා වූ මයිකල් මාටෙලි ඉල්ලා අස්වීමෙන් හා 2018 දී පැවැත්වීමට නියමිත ව්‍යවස්ථාදායක මැතිවරණය ප්‍රමාද වීමෙන් පසුව සහ ඔහුගේ ධුර කාලය අවසන් වූ විට ඇති වූ ආරවුල් වලින් පසුවයි. දූෂණ චෝදනාවලට මුහුණ දුන් මොයිස් මහතා බලයේ සිටි කාලය තුළ බොහෝ විට ප්‍රචණ්ඩකාරී රාජ්‍ය විරෝධී විරෝධතා රැල්ලට අභියෝගයට ලක් විය.
ජෝශප් මහතා කියා සිටියේ, “රාජ්‍යය අඛණ්ඩව පවත්වාගෙන යාම සහතික කිරීම සඳහා සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති” බවයි. දැන් තමාට රට භාරව සිටින බවද ඔහු පවසා තිබෙනවා.