ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු ලෙස බැසිල් රාජපක්ෂ මහතාගේ නම ගැසට් කර තිබෙනවා.
එම පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු ලෙස කටයුතු කළ ජයන්ත කැටගොඩ මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වුණ මන්ත්රීධුරයට බැසිල් රාජපක්ෂ මහත්මයාගේ නම මැතිවරණ කොමිසමට ඉදිරිපත් කිරීමට ශ්රී ලංකා පොදුජන පෙරමුණ කටයුතු කළා.
ඉන් අනතුරුවයි මැතිවරණ කොමිසම මගින් බැසිල් රාජපක්ෂ මහත්මයාගේ නම මන්ත්රීධූරය සදහා මේ අයුරින් ගැසට් කිරීමට කටයුතු කළේ.
මේ තීරණාත්මක මොහොත කළමනාකරණය කිරීම උදෙසා මෙන්ම ජාතික අභිලාෂයන් ජයග්රහණය කරවීම සදහා කොන්දේසි විරහිතව වෙහෙස වී සේවය කරන බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා සිය ෆේස්බුක් ගිනුමේ සටහනක් තබමින් සදහන් කර තිබෙනවා.
පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස තමාට ඇරයුම් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමාට, අග්රාමාත්යවරයාට ඇතුළු සියලු පාර්ශ්වවලට තම ස්තූතිය පිරිනමන බවයි එහි සදහන් වන්නේ. තමන්ට පාර්ලිමේන්තුවට පිවිසීමට අවස්ථාව සලසා දෙමින් මන්ත්රී ධූරයෙන් ඉල්ලා අස් වූ ජයන්ත කැටගොඩ මහතාටද තමාගේ හෘදයාංගම ස්තූතිය පුදකරන බව සදහන් කරන බැසිල් රාජපක්ෂ මහතා ඉදිරි කටයුතු සදහා සියලු දෙනාගේ ආශිර්වාදය හා අවංක සහයෝගය උපරිමයෙන් අපේක්ෂා කරන බවද එහි වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.
මේ අතර ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්රී ජයන්ත කැටගොඩ මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්රී ධූරයට බැසිල් රාජපක්ෂ මහතා නම් කෙරුණා. ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරුණු අතර බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු ලෙස තෝරා පත් කර ගත් බවයි මැතිවරණ කොමිසම ප්රකාශයට පත් කර ඇත්තේ.