පාස්කු ප්‍රහාරයට සම්බන්ධ තවත් සැකකරුවෙකු මාවනැල්ලේදී අත්අඩංගුවට
Related Articles
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ තවත් සැකකරුවෙකු මාවනැල්ලේදී පොලිස් අත්අඩංගුවට ගනු ලැබුවා.
පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය තවදුරටත් විමර්ශන සිදු කරනවා. මෙම විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවන සහරාන් හෂීම් 2018 වසරේ අවසන් කාල පරිච්ඡේදයේදී මුස්ලිම් ළමුන් සම්බන්ධ කර ගනිමින් දේශන පවත්වා ඇති බවයි. ජාතිවාදි අරමුණු සිත් තුළට කා වදින අයුරින් මෙම පංති පැවැත්වීම සිදුකර ඇති අතර ඊට පෙරමුණ ගෙන කටයුතු කළ දහතුන් දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ අත්අඩංගුවට ගත් අනික් සැකකරු තිස් දෙහැවිරිදි මාවනැල්ල ප්‍ර දේශයේ පදිංචිකරුවෙක්. මෙම පුද්ගලයා ත්‍රස්තවාදය වැලැක්වීම පනත යටතේ රදවා තබාගෙන ප්‍රශ්න කිරීමටයි ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය කටයුතු කර ඇත්තේ.