ඉන්ධන බවුසර්වල සඟවා ගංජා බෙදාහැරීම සිදුකළ 3 දෙනෙකු අත්අඩංගුවට
Related Articles
පළාත් සංචරණ සීමා ක්‍රියාත්මක වෙද්දි ඉන්ධන බවුසර්වල සගවා ගංජා බෙදාහැරීම සිදුකළ තුන් දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වරකාපොල ප්‍ර දේශයේ ඉන්ධන බෙදාහරින පෞද්ගලික ආයතනයක බවුසර් උපයෝගි කර ගනිමින් මෙම ගංජා ජාවාරම සිදු කර තිබෙනවා. මේ පිළිබද ලැබුණු තොරතුරකට අනුව මීරිගම ප්‍ර දේශයේ දී එවැනි බවුසරයක් පරීක්ෂා කිරීමේදී එහි සගවා තිබූ ගංජා කිලෝ ග්‍රෑම් 2 ක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණා. රියදුරු ඇතුලු තුන් දෙනෙකු අත්අඩංගුවට ගැණුනු අතර ජාවාරම පිළිබද තවත් තොරතුරු හෙළිකර ගැනීම සදහා අංශ කිහිපයක් ඔස්සේ වැඩිදුර පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.