යතුරුපැදි ජාවාරමක් සිදු කළ ගරාජ් හිමියෙකු අත්අඩංගුවට
Related Articles
යතුරුපැදි සහ ත්‍රිරෝද රථවල චැසි අංක හා එන්ජින් අංක වෙනස් කොට අලෙවි කිරීමේ ජාවාරමක යෙදුණ ගරාජ් හිමියෙකු ඇතුලු හතර දෙනෙකු අත්අඩංගුවට ගැනීමට බණ්ඩාරගම පොලිසිය සමත් වුණා. සැකකරුවන් පිලියන්දල හෝමාගම, පන්නිපිටිය හා මොරගහහේන යන ප්‍රදේශවල පදිංචිකරුවන්. කල්බදු පදනම මත ලබාගත් වාරික ගෙවීමට නොහැකිව ඇති වාහන අඩු මිලට ලබාගෙන ඔවුන් මෙම ජාවාරම සිදු කරගෙන ගොස් තිබෙනවා.