අන්තර්ජාල පහසුකම් සහ දුරකතන නොමැති සිසු දරුවන්ට අධ්‍යාපනය ලබා ගැනීමේ පහසුකම් සලසාදීම සඳහා ඊ තක්සලාව මධ්‍යස්ථාන 1000 ක් ආරම්භ කිරීමේ ව්‍යාපෘතිය අද සිට ක්‍රියාත්මකයි. මේ සඳහා ඩේටා පහසුකම් නොමිලේ ලබාදීම සිදු කෙරෙනවා.
කොරෝනා ව්‍යවසනය හේතුවෙන් අධ්‍යාපන කටයුතු ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ සිදු කෙරෙනවා. එහිදී පහසුකම් නොමැතිව අපහසුතාවට පත්වන දරුවන් සඳහා ඊ තක්සලාව මධ්‍යස්ථාන පිහිටුවනවා. ඒ සඳහා පාසල් යොදා ගන්නා අතර සිසු දරුවන් එම මධ්‍යස්ථානයට රැස්කර සිය අධ්‍යයන කටයුතු සඳහා තාක්ෂණ පහසුකම් සැලසෙනවා. මධ්‍යස්ථානවලට පැමිණීම සඳහා ප්‍රවාහන පහසුකම් ලබාදීමටද සැලසුම් කර තිබෙනවා.