fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

‘සූරිය කුසුම” සඳුදා සිට සිකුරාදා දක්වා සෑම දිනකම රාත‍්‍රී 7ට ITN ඔස්සේ

ITN News Editor
By ITN News Editor ජූලි 4, 2021 19:15

‘සූරිය කුසුම” සඳුදා සිට සිකුරාදා දක්වා සෑම දිනකම රාත‍්‍රී 7ට ITN ඔස්සේ

ජනතාවගේ ගුණාත්මක රස වින්දනය වෙනුවෙන් වඩා හරවත් නිර්මාණ ප්‍රේක්ෂකයාට දායාද කරන්න  ස්වාධීන රූපවාහිනිය අපි නිරන්තරයෙන් කටයුතු කරනවා. ඒ නිසාම තමයි ප්‍රේක්ෂක ජනතාව විසින් ස්වාධීන රූපවාහිනියේ විකාශය කෙරෙන සෑම ටෙලිනාට්‍යයකටම ඉහළ ප්‍රතිචාරයක් ලබා දෙන්නේ.

එහි තවත් ඉදිරි පියවරක් තබමින් දකුණු කොරියාවේ අති විශාල ප්‍රේක්ෂක ප්‍රසාදයක් හිමිකරගත්ත ටෙලිනාට්‍ය මාලාවක් හෙට සිට ඔබ සමීපයට ගෙන එන්න  ස්වාධීන රූපවාහිනියේ අපි සූදානම්ව සිටිනවා.

දකුණු කොරියාවේ එම් බී සී ආයතනය නිෂ්පාදනය කළ ෆ්ලවර් ඉන් ප්‍රිසන් කතාමාලාව පළමුවරට විකාශය කෙරෙන්නේ 2016 වසරේ දීයි. මව්පියන් අහිමිව සිර මැදිරියක හැදී වැඩෙන දිරිය දියණියකගේ ජීවිත කතාව තේමාකර ගනිමිනුයි මෙය නිර්මාණය කර තිබෙන්නේ.

සම්මානනීය හඩකැවීම් නිර්මාණවේදී අතුල රන්සිරිලාල් මහතාගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වන සූරිය කුසුම නාට්‍ය සදහා හඩ රංගවේදීන් සියයකට වැඩි පිරිසක් දායකත්වය ලබාදෙනවා.

දකුණු කොරියාවේ අති විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් හිමිවූ එම කතාමාලාව සූරිය කුසුම නමින් සදුදා සිට සිකුරාදා දක්වා සෑම දිනකම රාත්‍රී 7 ට ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය කිරීමට කටයුතු යොදා තිබෙනවා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 4, 2021 19:15

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2021

logo