පිලිපීන ගුවන් අනතුරෙන් මිය ගිය සංඛ්‍යාව 29ක් දක්වා ඉහළට
Related Articles
පිලිපීනයේ හමුදා ගුවන් යානයක් කඩාවැටීමෙන් පුද්ගලයින් 29 දෙනෙකු මියගිය බවට මේ වනවිට තොරතුරු අනාවරණය වී තිබෙනවා.යානය අනතුරට පත්වන අවස්ථාවේ එහි අනූදෙදෙනෙක් ගමන් කරමින් සිටි බවයි වාර්තා වන්නේ.
පිලිපීනයේ දකුණුදිග ප්‍රදේශයේ ජොලෝ දූපත් ආසන්නයේ දී ගුවන් යානය ගොඩබැස්වීමට සූදානම් වන අවස්ථාවේ දීයි මෙම අනතුර සිදුව තිබෙන්නේ. යානය කඩාවැටුණු ප්‍රදේශය එරට අබුසයිෆ් කැරළිකරුවන්ගේ බලකොටුවක් ලෙසද සඳහන් වනවා. අනතුරෙන් 40 දෙනෙකුගේ ජීවිත බේරා ගැනීමට පිලිපීන ආරක්ෂක අංශ සමත්ව තිබෙනවා. සී 130 හර්කියුලිස් වර්ගයේ යානය අනතුරට ලක්වනවිට එහි හමුදා සෙබලුන් 84 ක් , ගුවන් නියමුවන් තුන් දෙනෙක් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් පස් දෙනෙකු එහි ගමන් කර තිබෙනවා. යානයේ සිටි සෙබලුන් පිලිපීන රජය ත්‍රස්තවාදී කණ්ඩායමක් ලෙස නම්කර තිබූ අබු සයිෆ් කැරළිකරුවන්ට එරෙහි මෙහෙයුමක් සඳහා ජෝලෝ ප්‍රදේශයට ගමන් කරමින් සිටි බවයි පැවසෙන්නේ. අනතුරට හේතුව සොයා විමර්ශන කටයුතු ආරම්භකර තිබෙනවා. සී 130 වර්ගයේ මෙම ගුවන් යානා ඇමෙරිකාවේ නිෂ්පාදනය කෙරෙන අතර එය ලොව පුරා රටවල් රැසක ගුවන් මෙහෙයුම් කටයුතු සඳහා භාවිත කෙරෙන බවයි සඳහන් වන්නේ.