fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඊශ්‍රායලය යළිත් ගාසා තීරය වෙත ගුවන් ප්‍රහාර එල්ල කිරීම අරඹයි

ITN News Editor
By ITN News Editor ජූලි 4, 2021 09:47

ඊශ්‍රායලය යළිත් ගාසා තීරය වෙත ගුවන් ප්‍රහාර එල්ල කිරීම අරඹයි

ඊශ්‍රායලය යළිත් ගාසා තීරය වෙත ගුවන් ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර තිබෙනවා.

දකුණු ඊශ්‍රායලය වෙත පලස්තීන සන්නද්ධ කණ්ඩායම් වහා ගිනි ඇවිලෙන සුළු හීලියම් පිරවූ බැලුන් මුදා හැර තිබීමට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායල ගුවන් ප්‍රහාර කිහිපයක් පලස්තීනයේ ගාසා තීරය වෙත එල්ල කර තිබෙනවා. හීලියම් පිරවූ සාමාන්‍ය බැලුන වලට පුපුරන ද්‍රව්‍ය එක්කොට තිබීම හේතුවෙන් ඒවා බිම පතිත වීමත් සමඟ ගිනි ඇවිලෙන ආකාරයෙන් නිර්මාණය කර තිබූ බවයි පැවසෙන්නේ. මධ්‍යධරනී මුහුදේ සුළං ප්‍රවාහය ආධාරයෙන් මෙම බැලුන ඊශ්‍රායලය වෙත යැවීමට හමස් සටන්කාමීන් කටයුතු කර තිබුණා. එම සිද්ධියෙන් කිසිඳු ජීවිත හානියක් වාර්තා වී නැහැ.

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 4, 2021 09:47

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්