fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණයට‌ සම්බන්ධ ඇමතිවරුන් ඇතුලු 22කට නව සම්බාධක

ITN News Editor
By ITN News Editor ජූලි 3, 2021 15:46

මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණයට‌ සම්බන්ධ ඇමතිවරුන් ඇතුලු 22කට නව සම්බාධක

මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණයට‌ සම්බන්ධ ඇමතිවරුන් ඇතුලු 22 දෙනෙකුට නව සම්බාධක පැනවීමට ඇමෙරිකාව කටයුතු කර තිබෙනවා.

නව සම්බාධක හේතුවෙන් මියන්මාර සාමාන්‍ය ජනතාවට බලපෑමක් එල්ල නොවන බවයි අමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනී ලින්කන් පවසන්නේ. මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදය වහා ප්‍රතිෂ්ඨාපනය කිරීම නව සම්බාධක පැනවීමේ අරමුණ වී තිබෙනවා.

නව සම්බාධක යටතේ මියන්මාර හමුදා රජයේ අමාත්‍යවරුන් ඇතුලු පිරිසට විදෙස් ගමන් අත්හිටුවා ඇති අතර ඔවුන් සතුව විදෙස් රටවල ඇති වත්කම් ද අවහිර කිරීමට පියවර ගෙන තිබෙනවා. පසුගිය පෙබරවාරි පළමුවනදා හමුදා කුමන්ත්‍රණයෙන් එරට හමුදා බලය අල්ලා ගැනීමෙන් අනතුරුව මියන්මාර ප්‍රජාතන්ත්‍රවාදී ලීගයේ නායිකා අවුන් සාන් සුචී ඇතුලු දේශපාලන නායකයින් තවමත් හමුදා අත්අඩංගුවේ පසුවනවා.

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 3, 2021 15:46

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්