සමාජ මාධ්‍ය ඔස්සේ LTTE සංවිධානය ප්‍රවර්ධනය කළ තරුණයෙකු අත්අඩංගුවට
Related Articles
සමාජ මාධ්‍ය ඔස්සේ එල්ටීටීඊ ත්‍රස්ත සංවිධානය ප්‍රවර්ධනය කළ 24 හැවිරිදි තරුණයෙකු ත්‍රිකුණාමලයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එල්ටීටීඊ සංවිධානය සහ එහි ප්‍රධානීන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රවර්ධනය කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගැනුණේ එස් විකුලලක්ෂන් නමැති තරුණයෙක්. සැකකරු අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.
මෙවැනි තහනම් සංවිධානයක් රටතුළ ප්‍රවර්ධනය කිරීම මතවාදයන් පැතිරීම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මෙන්ම සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද අන්තර්ජාතික සම්මුති පනතේ ප්‍රතිපාදන වලට අනුව දඩුවම් ලැබෙන වරදක් බවයි පොලිසිය සදහන් කරන්නේ.