fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉතියෝපියාවේ ගැටුම් නිසා ලක්ෂ 4ක් සාගතයේ

ITN News Editor
By ITN News Editor ජූලි 3, 2021 09:40

ඉතියෝපියාවේ ගැටුම් නිසා ලක්ෂ 4ක් සාගතයේ

ඉතියෝපියාවේ ගැටුම් හේතුවෙන් ලක්ෂ 4 ක පමණ පිරිසක් සාගතයකට මුහුණ දී සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.

එක්සත් ජාතීන්‌ගේ ආරක්ෂක මණ්ඩලයේ විශේෂ සැසිවාරයකදී එහි සාමාජිකයන් පැවසුවේ ඉතියෝපියාවේ ටයිග්‍රේ ප්‍රදේශයේ පවතින ගැටුම්වලට මැදිවූ ළමයින් 33,000 ක් පමණ මන්දපෝෂණයෙන් පෙළෙන බවයි. ඉතියෝපියානු රජය සහ ටයිග්‍රේ හි කලාපීය හමුදාවන් අතර පවතින ගැටුම් හේතුවෙන් තවත් මිලියනයකට අධික පිරිසක් සාගතය අභියස සිටින බවයි එක්සත් ජාතීන්‌ගේ සංවිධානය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

පසුගිය සදුදා ඉතියෝපියානු හමුදාව ඒක පාර්ශ්වීය සටන් විරාමයක් ප්‍රකාශයට පත් කළද තවදුරටත් එහි ගැටුම් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 3, 2021 09:40

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්