fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සල්ලි වියදම් කර අභ්‍යවකාශයට යන පළවෙනියා වෙන්න රිචඩ් බ්‍රැන්සන් සූදානමින්

ITN News Editor
By ITN News Editor ජූලි 2, 2021 18:38

සල්ලි වියදම් කර අභ්‍යවකාශයට යන පළවෙනියා වෙන්න රිචඩ් බ්‍රැන්සන් සූදානමින්

අභ්‍යවකාශයට සංචාරකයන් ගෙන යෑමට සූදානම් වන ලොව ප්‍රකෝටිපතියන් දෙදෙනෙක් අතරේ තරගය වඩාත් උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙනවා.

මීට දශක ගණනාවකට පෙර සිටම ඒ සදහා සුදානම් වෙමින් සිටි ඔවුන් අතරින් රිචඩ් බ්‍රැන්සන් තම පළමු අභ්‍යවකාශ ගමන මේ මස 11 වන දින හෝ ඊට ආසන්න දිනයකදී සිදු කරන බව අද ප්‍රකාශ කළා.

වර්ජින් ගැලැක්ටික් සමාගමට අයත් යුනිටි රොකට් ගුවන් යානයේ මගියෙක් ලෙස රිචඩ් බ්‍රැන්සන් මුලින්ම මෙම අභ්‍යවකාශ  ගමනට එක්වීමට නියමිතයි. මෙම යානය තුලදී පෘථිවි වක්‍රය හොදින් දර්ශනය වීමටද  අවස්ථාව ලැබෙන බව පැවසෙනවා. අභ්‍යවකාශයට වාණිජ ගුවන් ගමන් ආරම්භ කිරීම රිචඩ් බ්‍රැන්සන්ගේ අරමුණ වී තිබෙනවා.

මේ වන විට ඒ සදහා පුද්ගලයින් 600ක් පමණ මුදල් ගෙවා ඇති බව වාර්තා වනවා. එක් ප්‍රවේශ පත්‍රයක මිල ඇමෙරිකා ඩොලර් දෙලක්ෂ පනස් දහසක් පමණ වනු ඇති.

මේ අතර ලොව බිලියනපතියන් අතරින් ඉදිරියෙන්ම සිටින ජෙෆ් බෙසෝස් ද අභ්‍යවකාශයට සංචාරක ගමන් සංවිධානය කිරීමට සූදානමින් සිටිනවා. ඔහුගේ මංගල අභ්‍යවකාශ ගමන මේ මස 20 වන දා ඇරඹීමට නියමිත බවද සදහන්. ජෙෆ් බෙසෝස්, මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ භාණ්ඩ වෙළදාම නව මගකට හැරවූ ඇමසෝන් වෙබ් අඩවියේ නිර්මාතෘ වරයා ද වනවා.

මේ වන විට ඔහු සමග අභ්‍යවකාශ ගමනට ඔහුගේ සොයුරු මාක් සහ සුප්‍රකට ගුවන්නියමුවරියක් වන වොලී ෆන්ක් ද එක්වීමට නියමිතයි.

 

ITN News Editor
By ITN News Editor ජූලි 2, 2021 18:38

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2021

logo